Saturday, May 4, 2013

ගලබොඩ ඇල්ල සොයා....part-04




එක්කෙනෙකුට රුපියල් 20/= ක මුදලක් මෙතනදි දියඇල්ල බලන්න යන්න අයකරනව.මේක සාධාරණද කියලත් කාටහරි හිතේවි...ඒත් කරන්න දෙයක් නැහැ..මෙතනින් එහාට තේ වතු මැදින් සහ පුංචි අඩි පාරවල් ඔස්සෙ ලස්සන වටපිටාවක සිරි නරඹමින් කිලෝමීටරයකට වැඩිය දුරක් ගමන් කරන්න තියෙනව.මේ පැත්තෙ නිතරම මිනිස්සු ගැවසෙනවා..ඒක නිසා පාර නිශ්චිත නැති හැම වෙලාවකම කලින් කිව්වා වගේ එයාලගෙන් අහන්න පැකිලෙන්න එපා.කොහොමත් කලින් ගිහින් නැත්තම් පාර අහගන්නම වෙනවා..දුම්රියපළේ ඉඳල දිය ඇල්ල ළඟට සාමාන්‍ය වේගෙකින් ගියොත් පැයකට අඩු කාලයකින් යාගන්න පුළුවන්.කාලය ගැනත් ටිකක් සැලකිලිමත් වෙන එක හොඳයි..මම ඉස්සෙල්ල කිව්වා වගේ මේ යන අතරමගදි අංක 13 බිංගෙය බලාගන්න පුළුවන්.මේ යන ගමනෙදි වටපිට බලන්න අමතක කරන්න එපා..මොකද මේ වගේ අති සුන්දර වටපිටාවක සුන්දරත්වය දැකගන්න ලැබෙන්නෙ බොහොම සුළු දෙනාටයි.ටික දුරක් ඔහොම ඇවිදගෙන යනකොට ගලබොඩ ඇල්ලෙන් පහලට බහින වතුර පහරෙ ඒ කියන්නෙ stream එකේ සද්දේ ඇහෙන්නත්, ඒක පේන්නත් පටන් ගන්නව.ඔහොම දිගටම යනකොට මේ වතුර පාර හරහා ලී කොටන් වලින් හදල තියෙන පාලමක් වගේ එකක් අහු වෙනව.


පාලම..
මේ පාලම හරහා එහා පැත්තට ගිහින් දිය ඇල්ලට ළඟාවෙන්නත් පුළුවන්.එහෙම නැත්තං පාලම ලඟින් පහලට බැහැල stream එක දිගේ උඩට යන්නත් පුළුවන්..වඩා පහසුම විදිය මෙතන ඉඳන් කැලේ මැදින්ම දිය ඇල්ල ලඟට ළඟාවෙන එකයි..අපි ගියේ දෙවෙනි ක්‍රමයට..ඒ කියන්නෙ stream එක දිගේ උඩට ගමන් කරපු එක..වැඩිය වතුර පාරක් නොතිබ්බ නිසා මේ පාර තෝර ගත්ත.stream එක දිගේ උඩට යනකොට පොඩි dam එකක් අහුවෙනව.මෙතනදි තමයි ගලබොඩ ඇල්ල මුලින්ම දර්ශනය වෙන්න පටන් ගන්නෙ.


dam එක..එතැනින් උඩට යන්න ඕනෙ ඔය පේන විදියට...


dam එක ලඟින් උඩට නැග්ගම පේන හැටි..

 දැන් ඉතුරු ටික හොයාගෙන යන්න පුළුවන්.dam එක ළඟනම් වැරදිලාවත් නාන්න එපා..! එතන නාන්න එපා කියල බෝඩ් එකක් ගහලම තියෙනව.තව ටිකක් ඉස්සරහට යනකොට නාන්න පුළුවන් තැනක් හම්බවෙනව.එතනින් නාගන්න පුළුවන්.හැබැයි දිය ඇල්ලෙ වතුර මට්ටම ගැන නිතරම අවධානයෙන් ඉන්න..


අපි නෑවෙ මෙතන... 
දිය ඇල්ලෙ වතුර පාර සැර නැත්තම් වතුර වැටෙන තැනටම යන්න පුළුවන්..හැබැයි නිතරම සැලකිල්ලෙන් ඉන්න.අපේ කට්ටියත් ඒ ළඟටම ගියා..දිය ඇල්ල ළඟ පැය 2ක් විතර ඉඳල සීතල වතුරේ වෙව්ල වෙව්ල නාල,එතනදීම දවල් කෑමත් කාල,ගෙනිච්ච හැම දෙයක්ම අරගෙන අපි ඒ සුන්දර ගලබොඩ සුකොමලියට සමුදීල එන්න පිටත් උනා.මෙතැනදී මම ඔයාලට කියන්නේ මේ සුන්දර පරිසරය කිසිම විටක අපිරිසිදු කරන්න එපා..ඒ වගේම මේක ඔයාල නොදන්නා පලාතක්, ඒක නිසා හැම වෙලාවෙම තමන්ගේ සහ තම ගමන් සගයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න..ගියපු ගමන වැඩක් නැති වෙනව කාටහරි කරදරයක් උනොත්..ඒක නිසා "අවධානමට පෙර සුදානම" හොඳයි..මම ඇල්ල ලඟදි ගත්තු ෆොටෝස් පහල දාල තියෙනව. 


 .









අපි ඇල්ල ලඟින් පිටත් වෙලා නැවත ගලබොඩ දුම්රියපොළ වෙත ආව.එන ගමන යනවට වඩා අඩු කාලයකින් එන්න පුළුවන්..අපි ඇවිල්ල වැඩි වෙලාවක් යන්න කලින් කොළඹ යන උඩරට මැණිකෙ ආව.එතකොට වෙලාව හවස 3.00ට විතර ඇති.ලොකු ප්‍රමාදයක් මගදි උනේ නැත්තම් උඩරට මැණිකේ මේ වෙලාවට ගලබොඩට එනවා.හැබැයි එන්න තියෙන්නෙ ඒ කියන්නේ schedule time එක 
මීටත් කලින්.අපේ සැලැස්ම වෙලා තිබුනෙ බදුල්ල දෙසට තවත් ටිකක් දුම්රියෙන් ගිහිල්ල ආපහු එදා රෑ එන රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ බලා ඒමයි.ඊට ටික වෙලාවකට පස්සෙ නාවලපිටියෙන් ආරම්භවන මන්දගාමී දුම්රියක් එනව.ඒක හපුතලේ බලා තමයි ධාවනය වෙන්නෙ.ඒ අනුව නාවලපිටියෙ ඉඳල ආපු මන්දගාමී දුම්රියෙන් අපි වටගොඩට ගිහිල්ල එහේ යාළුවෙකුගෙ ගෙදරින් රාත්‍රී ආහාරයත් ලබාගෙන වටගොඩින් රෑ 11.00ට තියෙන තැපැල් දුම්රියෙන් කොළඹ බලා ආව.වටගොඩට යන අතරමගදී ගත්තු ෆොටෝස් මම පහල දාල තියෙනව.හැටන් සානුව,ලංකාවේ දිගම බිංගෙය වන සිංගිමලේ බිංගෙය එහෙම බදුල්ල පැත්තට යද්දි  බලාගන්න පුළුවන්.




තැපැල් දුම්රිය උදේ 5.30 විතර වෙනකොට කොළඹට එනව.ඔය විදියට අපි ජීවිත කාලෙ ගියපු ඉතා සුන්දර ගමනක අවසානය එළඹෙනව.මම මේ සටහන කියවන ඔයාලටත් කියන්නෙ මේ පුංචි දිවයිනේ සොබාදහම් මාතාවගෙන් අපට ලැබුණු මෙවැනි දායාද බොහොමයක් තියෙනව.අපිට මේ ලැබුණු පුංචි ජීවිත කාලෙන් පොඩි වෙලාවක් වෙන් කරල මේ වගේ තැනක් බලන්න ගියාට වැඩි වෙන එකක් නැහැ.ඒ නිසා ඇවිදින්න.."ඇවිද්ද පය දහස් වටී.."කියන්නේ නිකං නෙමෙයිනෙ.ඒ වගේම මෙවැනි දායාද අනාගත පරම්පරාවටත් සුරක්ෂිතව බාරදෙන්න..මොනවාහරි දැනගන්න තියෙනවනම් උදව් කරන්න මම සුදානම්.එහෙනම් තවත් සටහනකින් හමුවෙනතුරු  ගිහින් එන්නම්..බුදු සරණයි..!  


12 comments:

  1. wow..fell like i went through all these places.excellent job machan....niyamai...keep it up brdr..
    -kanchana perera-

    ReplyDelete
    Replies
    1. Thanks Dawalee...keep in touch..i'm going to continue writing..

      Delete
  2. Nice machn...... It was a great memorable trip in my life. Proud to be a part of that!! Keep it up...

    ReplyDelete
  3. මොරියාටි හට ලියමි..
    ඔබ කෙතරම් සූක්ෂම ලෙස මේ ලියමන ලියා ඇති සැටි නම්..කොතරම් ලියමන් දැක ඇති මුත් මේ ලියමන දු‍ටු විගස ඔබේ සියුම් ගති ගුණද ඇති බව පසක් වින.
    ඒත් ඔබගේ මෙවන් එක ලියමනකින් පමනක් මා රවටාලිය නොහැකි බව මතක තබා ගන්න.ඒ සඳහා තව ලියමන් 100 ක් වත් මට කියවන්න වනවාමයි.මොරියාටි...ඔබට සුබ පැතුම්
    මීට ෂර්ලොක්

    ReplyDelete
    Replies
    1. හිතමිත්‍ර ෂර්ලොක් වෙත ලියමි
      ඔබගේ දිරිගැන්වීමට බොහොමත්ම ස්තුතියි මහතාණනි.ඔබව රැවටීමට මා කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමි.ඔබ අපේක්ෂා කරන අයුරින් දිගටම ලිවීමට බලාපොරොත්තු වෙමි.එමෙන්ම ඉදිරියටත් ඔබගේ පැමිණීම මම අපේක්ෂා කරමි.
      මීට හිතමිත්‍ර,
      මොරියාටි.

      Delete
  4. නියමායි කොල්ලා තවත් ඇවිදපන් ලංකාවේ ගොඩක් තැන් තියේ බලන්න. මගේ අත්දැකීම් ගිහින් බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. නියමයි සහෝදරයා...දිගටම ලියන්න..මමත් නිතරම එන්නම්..අනිවාර්යයෙන්ම මම ඇවිදිනවා....අපි මේ පුංචි සිරිලකේ ඇවිදිමු අපේ හුස්ම තියෙනකන්...බෙදා හදා ගමු දැනුම..රැක ගනිමු පරිසරය..බොහොමත්ම ස්තුතියි දැනුම් දුන්නාට...!

      Delete
  5. නියමයි සහෝ, නියම පෝස්ට් එකක්. දිගටම කරගෙන යන්න. ජයවේවා !!!

    ReplyDelete
  6. පට්ට ගති ට්‍රිප මචන්..... කියල් වැඩක් නෑ... යන්න හිත්ගෙනව... නෑ ගියා වගේ හිතෙනව

    ReplyDelete
  7. හැමෝටම ස්තුතියි...!

    ReplyDelete