Thursday, December 27, 2012

ගලබොඩ ඇල්ල සොයා.....part-02



හොඳයි අද එහෙනම් රඹුක්කන ඉඳල පටන් ගන්නම්.අර කලින් කිව්ව වගේ රඹුක්කනදී මම කැමරා උපාංග ටිකත් ලෑස්ති කරගෙන අපේ අයගෙන් සමුගෙන එන්ජිමට ගොඩ උනා.මේක තමා මම එන්ජිමක යන පළමු අවස්ථාව.ඒක හරිම සුන්දර අත්දැකීමක්.ඔයාලටත් chance එකක් අවොත් අත අරින්න එපා.රඹුක්කන විනාඩි 10ක් විතර අපි නතර වෙලා හිටිය.රියදුරු මහත්තයයි එයාගෙ සහායකයි තේකක් හෙම බීල තමයි ඉතුරු ගමන පටන් ගත්තෙ.ඔන්න දැන් අපි රඹුක්කනින් පිටත් උනා.දැන් මං ඉන්න තැනට දුම්රිය මාර්ගයෙ ඉදිරිය සහ වට පිටාවේ හොඳ view එකක් පේනවා.රියදුරු මහත්තය හෙමිහිට හෙමිහිට දුම්රියේ වේගය වැඩි කලා.හරියටම කියනවනම් හිඟුල කියන ස්ථානයේ ඉඳල දැන් ඉතින් දිගටම නැග්මක් තමයි තියෙන්නේ.මේ හිඟුල ඉඳන් කඩුගන්නාවට යනකන් තියෙන දුම්රිය මාර්ගයෙ නැග්ම තමාලු ලංකාවෙ දුම්රිය මාර්ගයක තියෙන වැඩිම නැග්මක් තියෙන්නෙ.ඒක නිසා සමහර කෝච්චි ඒ කියන්නේ නයිට් මේල් වගේ පෙට්ටි වැඩිපුර තියෙන ඒවා රඹුක්කන ඉඳල තව එන්ජිමක ආධාරයත් ඇතුව තමා මේ කන්ද නගින්නේ.ඒත් අපි ගියපු පොඩි මැණිකෙට පෙට්ටි 6ක් විතරක් තියෙන නිසා ඒ ටික තනියම අදින්න M6 හාදයට පුළුවන්.මම ඉතින් මේ ලැබිච්ච අවස්ථවේ උපරිම ප්‍රයෝජනේ අරන් දිගට හරහට ෆොටෝස් ගැහුව.ඒවගෙන් තෝර ගත්ත සෙට් එකක් මම පහල දාල තියෙනව.                                                                                                                                                
කඳු අතරින් ඉදිරියටම....
සෙන්සේෂන් රොක් හෙවත් ලොමුදහැගන්වන පර්වතය...
අංක 5-A බිංගෙයට ඇතුළුවීමට මොහොතකට පෙර.
බතලේගල...
සිංහකට පසු කරමින්...බතලේගල වම් පසින් දිස්වේ..



 
දැන් අපි ඉන්න දුම්රිය කඳු බිංගෙවල් අතරින් ඉදිරියටම ඇදෙනවා.බිංගෙවල් ඇතුලෙදි කණ දෙදරන්න තරම් සද්දයක් එනව,ඒත් ඒකෙත් පොඩි සුන්දරත්වයක් තියෙනව.රඹුක්කන-කඩුගන්නාව අතරෙදි අපිට හමුවෙන අංක 5-A  කියන බිංගෙය අනෙක් ඒවට වඩා විශේෂයි.ඒකට හේතු කිහිපයක්ම තියෙනව.එකක් තමයි මේක ලංකාවෙ 2 වෙනියට දිගම බිංගේ.මේ බිංගේ හදල තියෙන්නේ පස්සේ කාලෙක.ඒක නිසා තමයි මේකට A අකුරක් දාල නම් කරල තියෙන්නෙ.මේ බිංගේට මීයන්ගල්ල බිංගේ කියලත් කියනව.මීයන් ඇල්ල කියල දිය ඇල්ලක් මේ බිංගෙයි පියස්ස උඩින් ගලා හැලෙන එක තවත් විශේෂත්වයක්.ටිකක් සැලකිල්ලෙන් බලාගෙන ගියොත් ඊළඟ සැරේ නුවර යනකොට මේ බිංගේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි.ඊට අමතරව elephant back,lions mouth වගේ අපූරු තැනුත් sensation rock වගේ දුර්ගත් බතලේගල,උතුවන්කන්ද,අලගල්ල වගේ කඳුත් ඔයාලට මේ ගමනෙදි දැක බලා ගන්න පුළුවන්.ඒවා ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ.කොහොම හරි රඹුක්කනින් පටන්ගෙන ආසන්න වශයෙන් 21km විතර දුරක් ගෙවාගෙන අපි ආපු දුම්රිය කඩුගන්නාවට ළඟාවුනා.කඩුගන්නාව දුම්රිය නැවතුමට ටිකකට කලින් පාරේ දකුණු අත පැත්තෙ විශාල කණුවක් දැක ගන්න පුළුවන්.මේකට තමයි ඩෝසන් කුලුන කියන්නේ.කැප්ටන් ඩෝසන් කියල කෙනෙක් තමයි ඔය නුවර බස් පාර හදල තියෙන්නේ.එයාව සිහි වෙන්න තමයිලු ඔය කුලුන හදල තියෙන්නේ.


ඩෝසන් කුළුන 
  

කඩුගන්නාවෙන් පස්සෙ පේරාදෙණියට යනකං විශේෂ දෙයක් බලන්න නෑ.පේරාදෙණියේදී මම එන්ජිමේ හිටපු රියදුරු මහත්තයටයි,සහයකටයි පින් දීල එන්ජිමෙන් සමුගෙන ආයෙත් අපේ කස්ටියට එකතු උනා.පොඩි මැණිකේ නුවර යන්නෙ නැහැ.එයා පේරාදෙණියෙන් බදුල්ල පැත්තට හරවනවා.එතකොට නුවර ආපු අය යන්නේ කොහොමද????....ආ ඒකට වෙනම ලෝකල් ට්‍රේන් එකක්, පොඩි මැණිකෙ පේරාදෙණියට ආවට පස්සෙ පේරාදෙණියේ ඉඳන් නුවරට යනවා.

නුවර ගියපු හාදයා..

පේරාදෙණියෙන් පිටත්වුන අපිට ඊගාවට හම්බවෙන ප්‍රධාන නැවතුමක් තමයි ගම්පොළ.ගම්පොළ දුම්රිය ස්ථානයට අම්බුළුවාව කන්ද හොඳින් දිස් වෙනව.අම්බුළුවාව යන කෙනෙක් ගම්පොලින් තමයි බහින්න ඕනෙ.අපේ දවල් කෑම පාර්සල් ටිකත් කලින් ප්ලෑන් කරල තිබ්බ විදිහට ගම්පොල ස්ටේෂන් එකේදී කෝච්චියට ගෙන්න ගත්ත.   



ඉතුරු ටික ඊගාව කොටසින්.....

5 comments:

  1. කස්ටිය කියවල කොමෙන්ටුවක් එහෙම දාල යන්න.මේ ෆීල්ඩ් එකට අලුත් මට ඒක ලොකු ධ්‍යෛර්යක් වේවි...!

    ReplyDelete
  2. දිගටම ලියන්න මල්ලි. පරිසරය ගැන, චාරිකා සටහන් එහෙම දිගට ලියන්න. එහෙම ලියවෙන බ්ලොග් හරි අඩුයි. වෙන වෙන කතන්දර, දෙපිට කැපෙන කුණුහරුප, ආගිය කතා, පල් හෑලි ලියන බ්ලොග් ඕන තරම් තියෙනවා. ඒවට අම්බානක කොමෙන්ට්ස්, හිට්ස් එහෙමත් තියෙනවා. ඒත් මේවගේ වැදගත් කමක් තියෙන බ්ලොග් එකකට සාමාන්‍යයෙන් හිට්ස් කමෙන්ට්ස් අඩුයි. ඒක හැටියක්. ඒවාට සැලෙන්නේ නැතුව දිගටම ලියපන්. ජයවේවා! (අනේ මල්ලියේ අර වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරලා දාපං. නැත්නම් කමෙන්ට් කරන්න එන එකත් කමෙන්ට් නොකර යනවා.)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අය්යේ...මම ගියපු චාරිකා වගයක් තියෙනව..ඒවත් මම ඉදිරියට ලියල දාන්නම්...තවත් අඩුපාඩු තියෙනවනම් කියන්න..මම අර word verification settings හැදුව..මම මේ field එකට ටිකක් අලුත්..ඒක නිසා ඔයාලගේ අදහස්,අවවාද,යෝජනා ගොඩක් වටිනව..නැවත වරක් ගොඩක් ස්තුතියි.. :p

      Delete
  3. අනංමනං කුනුහරප බ්ලොග් වල කියවල එති වෙලා හිටියෙ බං.උඹ විතරක් නෙමේයි.අපිත් මේ ගමන ගියා වගෙ දැනෙනව බං....උඹ ඔය විදිහටම ලියපන් මචං.ගොඩක් ආසාවෙන් අපි කියවන්න බලගෙන ඉන්නවා...!!!!

    ReplyDelete
    Replies
    1. ලොවෙත් මම දිගටම ලියනවා..උඹ කිව්වනේ දැන්.. :-p thnks machooo..ලංකාවට ආවම යමු අපි මෙහේ

      Delete